පිටුව

Saturday, September 10, 2011

පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?


පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?

කොහොමද යාලුවනේ. අදත් ටිප් එකක් ගෙනාවා.


සමහර වයිරස් වලින් පෙන් එකේ තිබ්බ වයිල් හංගනවා. හැබැයි ප්‍රොපටීස් බැලුවම පෙන් එක පිරිලා. එහෙම උනොත් මෙහෙම කරන්න. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
කමාන්ඩ් ප්‍රොම්ට් එකට යන්න. ගිහින් ඔයාගෙ ඩ්‍රයිව් එකේ අකුර මේ විදිහට ටයිප් කරන්න. (අපි හිතමු ඔයාගේ පෙන් එක E: කියලා)
E: (press enter)
Dir /aa (press enter)
Dir /ad (press enter)
දැන් අර ෆයිල් ටික ඔයාට පෙනෙයි. දැන් ඒ ටික වින්ඩෝස් වලත් පෙන්නාගන්න මෙහෙම ටයිප් කරන්න.
Attrib-h-s (press enter)
Exit (press enter)

ඔය වරහන් ඇතුලේ කියලා තියෙන්නෙ. එන්ටර් ඔබන්න කියල නේ. ඒක ඔය කමාන්ඩ් ප්‍රොම්ට් එකේ ටයිප් කරන්න එපා. :ඩී
තව එකක්. අලුත් කමාන්ඩ් ප්‍රොම්ට් වල මේ කමාන්ඩ් සමහර විට ටිකක් වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඔයාලට කමාන්ඩ් ප්‍රොම්ට් හෙල්ප් එක බලලා වැඩේ කරගන්න පුලුවන් වෙයි.

No comments:

Post a Comment