පිටුව

Thursday, June 16, 2011

CD/DVD rom එකේ button එක බේරගමු !

ඉතින් කොහොමද ? මං මේ දෙන්න යන්නේ පොඩි බඩ්ඩක්. පොඩි උනාට මේක ගොඩාක් වැදගත් එකක්. ඔයාලා දන්නවානේ ගොඩාක් වෙලාවට අපි CD/DVD rom එකේ button එකෙන් නේ tray එක එලියටයි ඇතුලටයි යවන්නේ. ඉතින් එතකොට ඉක්මනට ඕක කැඩෙන්න පුලුවන්. මගේ සමහර යාලුවෝ ඉන්නවා එයාලාගේ button එක ලොවෙත් නෑ. ඉතින් ඔහොම ලොවෙත් නැති වෙන එක වලක් වන්න මන් ඔයාලාට දෙන්න යන මේ gadget එක ගොඩාක් වැදගත්. ගොඩාක් අය එක එක දේවල් දෙනවා. ඒවගෙන් shortcut හද හද තියාගන්නයි අරක කරන්නයි මේක කරන්නයි දාහක් ජාති දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. දැම්ම ගමන් වැඩ.

මං ඉස්සෙල්ලාම ඔයාලාට දෙන්නම් setup ෆයිල් එක.
පාස්වර්ඩ් එක විදියට www.thisald.tk කියන එක දෙන්න
ඉතින් දැන් මං කියලා දෙන්නම් ඕක ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න ඕනේ දේවල් ටික. ඕකෙ තියෙනවා keygen එකෙන් ඕක රෙජිස්ටර් කරගන්න ඕනේ. ඔයාගේ නමට ගැලපෙන serial number එකක් අරගෙන ඉන්නකෝ.


ඔය ෆොටෝ එකෙ තියෙන්නේ tray අයිකොන් එක වැටෙන විදියයි. ඕක එබුවම CD/DVD rom එක open/close කරගන්න පුලුවන්. ඕක උඩ right click කරාම ඔයාලට පෙනේවි register කරන්න යන්න තැනක් තියෙනව. තව settings කියලාත් තියෙනවා. register කරන එකට ගිහින් අර ඔයාගේ නමට ගත්ත key එක ඒකේ paste කරලා, ඒ නමත් ගහලා OK කරන්න. ඊට පස්සේ යන්නකෝ settings වලට. ඒකට ගියාම මෙන්න මේ වගේ.



ඔයාට පේනවා ඔතනත් registration කියලා එකක් තියෙනවා. හරි ඒක දැන් ඉවරයි නේ. මං දැන් මේ කියන්න යන්නේ keyboard එකෙන් key එකක් ඔබලා එලියට ඇතුලට යවන විදියට හදාගන්න හැටි. ඉස්සෙලාම ඔතන ඔය තියෙන Hotkeys කියන tab එකට යන්නකෝ. ඒකට ගියාම මෙන්න මේ වගේ.



Edit the hotkey for කියන එකෙන් ඔයාට අවශ්‍ය driver එකේ අකුර තෝරලා දෙන්න. ඊට පස්සේ ඒකට Eject/Close කියන දෙකටම hotkeys දාන්න. ඒක දාන්නේ මෙහෙමයි. දාන්න අවශ්‍ය තැන මවුස් එක ක්ලික් කරලා අවශ්‍ය එක දාන්න ඕනේ. හිතන්නකෝ ctrl ඔබලා e එබුවම එලියට එන්න හදන්න ඕනේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ Eject කියන එකේ මවුස් එක ක්ලික් කරලා ctrl ඔබල E අකුර ඔබන එක. එතකොට ඒක එතන වැටෙනවා. ඉට පස්සෙ OK කරන්න. දැන් බලන්න ඔයා දාපු hotkey එක ඔබලා වැඩද කියලා.

ඉතින් ඔන්න ඔහොම පොඩි වැඩකින් ඔය වගේ ලොකු දෙයක් කරගන්න පුලුවන්. මං ඉතින් හැමදාමත් දෙන්න ඔය වගේ එකක් තමයි. අපි ඉතින් පොඩි පොඩි මිනිස්සුනේ.


මොකක් හරි ගැටලුවක් ආවොත් මෙතන කොමෙන්ට් එකක් දාලා කියන්නත් පුලුවන්. නැතනම් මෙතනින් අහන්නත් පුලුවන්.

තවත් දෙයක්, ඔයාලාගෙ අදහස් මට ගොඩාක් වැදගත්. මට බැන්නත් කමක් නෑ ඔයාලගේ අදහස කොමෙන්ට් එකක් විදියට දාන්න.

එහෙනම් වාසනාවන් !!!

Tuesday, June 14, 2011

හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත් කරමු.

අද ඉදිරිපත් කරන්නේ හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත්කර ගන්නා ආකාරයයි.
ඔබගේ ගිණුම හැක් කළ හැකර්කරුවා විසින් Facebook ගිණුමේ මුරපදය ( password ) පමණක් වෙනස්කර ඇත්නම් www.facebook.com ලිපිනය වෙත පිවිස Forgot your password? යන සබැදිය ( link ) වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කර පහසුවෙන් නැවත ඔබගේ Facebook ගිණුම ඔබ අතට පත් කර ගත හැකිය.
Facebook ගිණුමක් හැක් කල පසු කරන තවත් දෙයක් තමයි අදාල ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කිරීම. මෙලස ඊමේල් ලිපිනය වෙනස් කළ විට ඔබට නැවත ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීම අපහසු වෙනවා. නමුත් මෙලස ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කල විටද නැවත ඔබගේ ගිණුම තත්වයට පත්කර ගත හැකියී. ඒ පහත සබැදියට ( link ) පිවිසීමෙන්. එහිදී සිදුවන්නේ Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යන අය විසින් නැවත ඔබගේ ගිණුම යථා තත්වයට පත්කිරීමක්. එම වෙබ් පිටුව වෙත පිවිස අදාල උපදෙස් අනුගමනය කරන්න.
සබැදිය ( link ) :-  http://www.facebook.com/help/?page=1023
මෙම ක්‍රමයන් මගින් ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීමේදී ඔබගේ ඊමේල් ලිපිනය හැක් වූ එකක් නොවිය යුතුයි. ඔබගේ ඊමේල් ලිපිනය හා Facebook ගිණුම හැක් වූ විට පළමුව ඊමේල් ලිපිනය යථා තත්වයට පත්කර ගත යුතුයි.

Monday, June 13, 2011

Automatically Close the "not responding" program !

"not responding" වෙන එක කරදරයක් ද? එකට මෙන්න විසදුම...





  • පළමුව start →run   එකට ගිහින් regedit   කියල type කරලා registry   එකට යන්න.


  • ඊළගට මේ පියවර ඔස්සේ යන්න. HKEY_USERS→.DEFAULT→Control Panel→Desktop


  • desktop tab   එකේ right click කරලා new string value එකක් ගන්න.















  • එක rename කරන්න AutoEndTasks ලෙස.

  •  ඊළගට ඒ හද ගත්ත string value එක right click  කරලා modify ගිහින්   Value Data  එක 0 කියල දෙන්න . 

  • ( enable කරන්න 1  කියල දෙන්න )


    • Exit Registry and Reboot 

    Sunday, June 12, 2011

    Computer එකේ Administrator Password අමතක උනොත් මොකද කරන්නෙ ?

    Computer එකේ Administrator Password අමතක උනොත් මොකද කරන්නෙ ?
    දැන් ඉතින් format කරන්නම වෙයිද ?
    නෑ .ඊට කලින් මේක කරල බලන්නකො.

    Gusest account එකට හරි වෙන Standerd Account එකකට හරි යන්න
    (ඒවට password දාල නෑනෙ - දාල නම් සොරි)
    • My ComputerRight click කරන්න
    • Manage කියන එක ගන්න
    • ඒකෙ Local Users & Groups කියන එක double click කරන්න
    (01)
    • දැන් Users ගන්න
    (02)
    • එතන ඇති ඔක්කොම User account ටික
    (03)
    • දැන් Administrator ගන්න
    • ඒක Right click කරන්න

    • Set Password කියල එකක් පේනවද
    • අන්න ඒක ගන්න

    (04)







    • Proceed කරන්න
    • දැන් ඉතින් ඔයාට ඕන password එකක් දා ගන්න


    (05)











    දැන් ඉතින් හරිනෙ. ඉන්න එකෙන් logut වෙලා Administrator වලට ඒ password එක ගහල log වෙන්න. ඕන නම් පස්සේ password වෙනස් කර ගන්න.

    මෙන්න පාත් එක කෙටියෙන්

    Right click on my Computer > Manage > Local Users & Groups > Users > Administrator > Right click > Set Password > Proceed >

    Saturday, June 11, 2011

    ඔබේ ජංගම දුරකථනයේ සිංහල අකුරු පේන්නෙ නැද්ද ?



    බොහොමයක් ජංගම දුරකථන මගින් පරිගණක උදව් වෙත පැමිණෙන අයට කියන්න සුභ ආරංචියක් තියෙනව.
    සිංහල අකුරු පේන්නෙ නෑ නේද? 
    මෙන්න ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්.
    phone එකෙන් download කර ගන්න.




    Google Chrome ලොක් කරමුද!

    Google දෙන වෙබ් බ්‍රව්සර් එක ගැන කව්රුත් දන්නවා ඇති නෙ..
    (ඔව් ඔව් අර Chrome කියන එක තමයි)

    ඔන්න ඕක සමහර අයට ඔන්ලයින් ඉන්ස්ටෝල් වෙන්න ගියාම වාතෙ නෙ මෙන්න එහෙනම්
    Offline ඉන්ස්ටෝල් කරගන්න Full Setup එක බා ගන්නකො..
    http://www.google.com/chrome/eula.html?standalone=1&hl=en

    මම මෙ ආවෙ ක්‍රෝම් ගැන කියන්න නම් නෙවෙ.
    ක්‍රෝම් lock කරන දෙයක් හැටි කියල දෙන්න.

    මේක කරන්නෙ පුන්චි extention එකකින්...

    මුලින්ම මේන්න මෙක බාගන්නකො මෙතනින්..
    https://clients2.google.com/service/update2/crx?response=redirect&x=id%3Deddeeogaiodnhfkingpegpmhpdiifbgh%26uc%26lang%3Den-US&prod=chrome&prodversion=5.0.375.125
    ඔය ලින්කුව එබුවම ඒවි මෙන්න මෙහෙම එකක් (ඔය පහලින් බලන්නකො)

    (වම් පැත්තෙ පහලින් එන්නෙ)

    ඊට පස්සෙ ඔය එන එක continue කරන්නකෝ
    එහෙම කරාම එන්නෙ මෙහෙම එකක්...











    එපාර ඔබන්න Install කියන බටන් එක :)

    එපාර OK ඔබුවට පස්සෙ අලුතෙන් TAB එකක් open වෙලා එනවා මෙහෙම වින්ඩොව් එකක්.










    කැමති Password එකක් දෙන්න...
    ඒකම ආයෙ ටයිප් කරන්න... (confirm password කියන තැන)
    එහෙම ටයිප් කරලා save බටන් එක ඔබන්න..

    දැන් එවි මෙන්න මෙහෙම මැසේජ් එකක්.. :)










    දැන් බලන්නකො Chrome ක්ලොස් කරලා ආයෙ Open කරලා...
    පාස්වර්ඩ් එක නැතිව මොනවැඩක් වත් කරන්න බැ නෙද..
    ඔන්න ඕක තමයි මම දෙන්න ආවෙ..

    ************************************************************************
    දැන් ඕක අයින් කරන හැටිත් මෙහෙම්ම කියන්නම් කො..
    Chrome එකෙ දකුනු පැත්තෙ තියෙන අඩුව ක්ලික් කරන්න....
    එපාර යන්න
    Tools--->Extensions
    ගියාම දාලා තියෙන extensions පෙන්නනවා,
    දැන් ඕනෙ එක unstall කරලා දාන්න..

    සමහර PROGRAM,FILES DELETE කරන්න බැරිද? මෙන්න විසඳුම...

    මේක පොඩි මැජික් Tool එකක්... සමහර උදවිය නම් මං අද දෙන Software කෑල්ල ගැන දන්නවා ඇති ඒත් නොදන්න කස්ටියකුත් ඇති නොදන්න කට්ටිය අහගන්නකො එහෙනම්....
    මෙන්න මේකයි කතන්දරේ, අපි මොකක් හරි Program, File එකක් Delete කරන්න හෝ Uninstall කරන්න යනවිට සමහරවෙලාවට එක එක Errors එනව නේද? ඒ කියන්නනෙ අපේ මෙශින් කට්ට අපිට පොඩි සද්දයක් දාන..හිහි.. ව ඔයා දන්නවද ඒකට හේතුව? බොහෝදුරට ඒකට හේතුව තමයි අපි ඒ Delete හෝ Uninstall කරන්න වෙලාවෙ ඒ ප්‍රොග්‍රම් එක Run වෙමින් තිබීමයි ගොඩක් වෙලාවට Virus ගියහමත් මෙහෙම වෙනව එතකොට කරන්න තියෙන්නෙ පල්ලෙහා තියෙන Software කෑල්ල බාගෙන Install කරගන්න පස්සෙ අවශ්‍ය Program හෝ File උඩ Right Click කරල Unlock කරන්න එක විතරයි.. ඊට පස්සෙ වැඩේ ගොඩ,, ඕනෙ නම් Software කෑල්ලෙන්ම ඒ File එක කරල දාන්න පුලුවන්...එහෙනම් කරලම බලන්නකෝ
    ආයි අලුත් දෙයක් අරං මං එන්නං ඔයාට සුභ.....!

    ඔයාලගෙත් windows 7 හොර කොපිය අහු උනාද??දෑන් desktop එක කලු පාටද??එහෙනම් මෙන්න හදා ගන්න විදියක්

     අපි මේ ලංකාවේ ඉන්න ගොඩක් අය තමන්ගෙ පරිගනකයට දාන්නෙ windows 7  හොර කොපි..මොකද අපිට original ඒවා ගන්න තරම් අතේ මුදල් නෑති නිසා.
    ඒත් ඉතින් අපි මේ හොර කොපි දාගෙන තමා අපේ වෑඩ ඔක්කොම වගේ කර ගන්නෙ.ඒත් ඉතින් ඔකට Microsoft ආයතනය නම් කෑමති නෑ..මොකද ඒක එයලාට පාඩුවක් නිසා.
    ඉතින් අපි ඔය විදියට හොර කොපි දාගෙන internet ගිහින් බෑරි වෙලාවත් ඒ අයට අහු උනොත් තමා ඔය විදියට අපේ screen එක කලු වෙන්නෙ…කලු වෙලා යටින් වෑටෙනවා (windows copy of widows is not genuine) කියලා
    මේ තියෙන්නෙ එහෙම උනාම ඉතින් මේ ගෑන නොදන්න ගොඩක් අය මේ වගෙ උනාම කරන්නෙ format කරන එක.
    ඒත් දෑන් එහෙම කරන්න ඕනෙ නෑ.මොකද ඒක හදන්න පොඩි software එකක් මට හම්බ උනා
    මෙන්න ලින්ක් එක බා ගන්න


    (මේක ඔබන්න ඉස්සර වෙලා ඔක්කොම කියවන්න)
    http://www.mediafire.com/file/yzwncywwomtc1ia/Chew%20WGA.eXe

    (එහෙමත් නෑත්තම් Google එකේ "chew WGA"කියල ගහන්න)
    බාගෙන ඉවර වෙලා අපිට තියෙන්නෙ එක install කරන්න
    මේ තියෙන්නෙ එක open කරාම එක අපේ පරිගනකයට install උන සෑනින් අපේ පරිගනකය restart වෙනවා.
    උනාට පස්සෙ ඔයාල බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියලා මේක ඔයාලට උදව්වක් උනානම් comment එකක් දාලා follow පාරක් එහෙම දාල යන්න මතක් කරලම..

    Virus නිසා ඔයාලගේ Hidden files පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම.

    ඔහොම වෙන්නේ virus එකෙන් registry වල තියෙන key value වෙනස් කලාම.

    එතකොට ඔයාල
    Tools -> Folder Options -> View -> View hidden files ගිහිල්ල view hidden files කියන check box එක check කලාට හරි යන්නේ නෑ.

    අපි registry edit කරන්න කලින් virus remove කරලා ඉන්න ඕනේ. නැත්නම් registry වෙනස් කලාට වැඩක් නෑ Virus එක අයෙමත් registry value reset කරනවා.

    පියවර 1 : මොකක් හරි Virus Guard එකකින් viurs එක search කරලා delete කරන්න.

    පියවර 2 : windows-key + r press කරලා හෝ start මෙනු එකෙන් Application run කරන window එකට එන්න.

    පියවර 3 : එකේ regedit කියල type කරලා run කරන්න

    පියවර 4 :
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\Folder\Hidden\SHO WALL

    මේ තියෙන path එකේ තියෙන key value එක open කරන්න එකේ value එක 0 කියල ඔයාලට පෙනෙයි දැන් එක 1 කරන්න.

    එච්චරයි...

    “The copy of windows is not genuine,You maybe a victim of software counterfeiting”

    “The copy of windows is not genuine,You maybe a victim of software counterfeiting”

    XP අළුතෙන් දැම්මම හරි, තියෙන XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත් හරි මෙහෙම Errors එන්නෙ මොකද අපි ලංකාවෙ හැමෝම පොහොසත් පුද්ගලයන් නොවෙන නිසා ඔරිජිනල් OS දාන්නත්, පොහොසත් අය තමන්ගෙ සල්ලි ඉතුරු කරගන්නත්, වැඩිය කරදර නොවී ගෙදර ඉඳන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසත් අපි මේ “NON Genuine OS” (විශේෂයෙන්ම Windows) භාවිතා කරනවා.
    අපි අද කතා කරන්නෙ මෙහෙම ස්ථාපනය කල/Install කල  XP Copy එකක් වැරදිලා අප්ඩේට් උනොත් පෙන්නන මේ Error එක නැතිකර ගන්නෙ කොහොමද කියන එක ගැනයි.
    1.  C:\Windows\Downloaded Program Files වෙත යන්න..
    2.  එම Folder එක ඇතුලෙ  තියෙනවනම් .WGA අකුරු තුන තියෙන Folder, Files එකක් හෝ කිහිපයක්, ඒවා මකල දාන්න (Delete).
    3. පරිඝනකය Restart කර Safe Mode වෙත පිවිසෙන්න.. (පරිගනකය පණගන්වා, XP Bootscreen එකෙන් පසු Keyboard එකේ F8 Key එක Press කරන්න) Advanced Startup Options > Safe Mode
    4. පසුව මෙම Folders තුලට පිවිසෙන්න.
    C:\Windows\System32 ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)
    C:\Windows\System32\dllcache ( wgatray.exe file එක wgatrayold.exe ලෙස නැවත නම් කරන්න)
    :- dllcache කියන්නෙ Windows Folder එක තුල තිබෙන Hidden Folder එකක් (Unhide කරන්න Start Menu> Control Panel > Folder Options> Show Hidden Files and Folders)
    5.  Safe Mode Registry එකේ මේ වෙනස්කම් කරන්න.
    Start Menu >Run> type Regedit > Ok
    Registry Editor එකේ  මෙම keys තුලට පිවිසෙන්න.
    HKEY_Local_Machine\Software\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify\WGALOGON
    මේ WGALOGON Folder එකේ Backup එකක් අපි තියාගන්න ඕන. හදිස්සියෙ මොකක් හරි අප්සට් එකක් වුනොත් මේ Backup එක Restore කරාම හරි. (WGALOGON Folder > Right Click > Export)
    6. දැන් ඔය  WGALOGON Folder එක Delete කරන්න.
    7. සියලු Folder, Registry Editor Close කර දමා පරිඝනකය Restart කරන්න.
    වැඩේ හරි..
    ආ.. මතක ඇතුව Windows Update “Disable” කරන්න.. නැත්නම් ආයෙ මේ වගේ පොඩි කට්ටක් කන්න වෙයි.  ;)

    Windows XP Genuine කරන හැටි.

    Windows XP Genuine කිරීම. මේව හොර වැඩ හොඳේ...

    1. මුලින්ම Start ගිහින් Run කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Window එකේ REGEDIT කියල Type කරල Enter කරන්න.දැන් HKEYLOCALMACHINE කියන එක double click කරන්න.
    2 වෙනි පියවර
    ඒ යටතේ එන SOFTWARE කියන එක double click කරන්න
    3. SOFTWARE යටතේ එන Microsft කියන එක double click කරන්න.
    4. Microsoft යටතේ එන Windows NT open කරන්න.
    5. Windows NT යටතේ ඇති Current Version Open කරන්න.
    6.දැන් WPA Events කියන Folder එක open කර එම වින්ඩෝවේ දකුනු පැත්තේ ඇති OOBETimer File එකේ Right Click කර Modify ලෙස select කරන්න.
    7. දැන් එහි ඇති සියලුම මකා දැමිය හැකි අකුරු මකා දමා එය ok කරන්න. මුල් 0000 මැකෙන්නේ නැත.
    8. දැන් නැවත Start >>> Run ගොස් මෙම Command එක Type කරන්න.

    %systemroot%\system32\oobe\msoobe.exe /a (මෙහි exe ලඟට space එකක් තබන්න).
    9. දැන් Yes. I want to telephone කියන එක select කරල ඊලඟ step එකට යන්න.
    10. ඊලඟට Change Product Key කියන බටන් එක ඔබන්න.
    11. දැන් එන වින්ඩෝවේ මේම් key එක Enter කරල Update කියන එක ඔබන්න.

    THMPV - 77D6F - 94376 - 8HGKG - VRDRQ
    12. ඊට පස්සෙ Remind me later කියන බටන් එක ඔබන්න.
    13. දැන් පරිඝනකය Restart කරල Start >>> Run ගිහිn ආයෙත් මේ Command එක (%systemroot%\system32\oobe\msoobe.exe /a) දාල බලන්න. එතකොට windows activated කියල වින්ඩෝ එකක් එයි. ඒ කියන්න වැඩේ ගොඩ.