පිටුව

Monday, September 12, 2011

Pen Drive එකකින් පරිගනකය වේගවත් කරමු


ඔබගේ පරිගනක වේගවත් කරන්න අද මම තවත් විදියක් ගෙනාව .මේක ඉතින් වැඩැක් නැති  Pen Drive එකකින් කරන්න ඕන වැඩක් .ඔයාලා දන්නවා නේ virtual memory කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් අහගන්න.virtual memory කියන්නේ ඔයාගේ පරිගනකයේ  ram මතකය ප්‍රමානවත් නොවුනාම තාවකාලිකව hard disk එකකින් ලබාගන්නා ඉඩ ප්‍රමානායයි ඉතින් අද කරන්න යන්නේ ඒකට hard disk එක නැතුව pen drive එකෙන් ඉඩ ප්‍රමානයක් ලබාගන්නා එකයි..ඔයාලා කරන්න යන වැඩේ ගැන හොද අවබෝදයක් ලබාගත්තා කියලා හිතනවා දැන් වැඩේ කරන්න පටන් ගමු.

මුලින්ම ඔබගේ pen drive එක පරිගනකයට සවිකර එය පරිගනකය අදුනාගන්නකම් සිටින්න ඊට පසු My  Computer  එක  Right Click කර එන window එකේ Advance ටැබ් එක Click කරන්න ඊට පස්සේ ඒකේ තියෙන Performance යටතේ තියෙන Settings යන Button එක  Click කර ඒ එන  window එකේත්  advance ටැබ් එක Click කරන්න දැන් තමයි අමාරු හරිය


එතකොට එන  window එකේ Vritual memory යන කොටසේ තියෙන Change යන බොත්තම  Click කරන්න එවිට එන  window එකේ ඔබගේ පරිගනකයේ c partition  එකයි  Select වෙලා තියෙන්නේ

දැන් අපිට ඕනේ Pen Drive එකට  Vritual Memory එක හරිගස්වන්නනේ ඉතින්  c partition  එක Select වෙලා තියෙද්දී Initial size  බොක්ස් එක හා  maximum Size යන දෙකම හිස් කරන්න අනිත්  partion නුත් එසේ කරන්න ඔබට අවශ්ශ නම් එසේ නොකර සිටීමට හැකිය . එසේ කරන්න කියුවේ Pendrive එකේ සම්පූර්නයෙන්ම Use හින්දාය දැන් උඩින් ඇති කොටසෙන් ඔබගේ  Pen Drive  Select කර Initial Size එක හා Maximum size එකට ඔබගේ Pendrive එකේ දාරිථාව දාන්න මෙහිදී  intial  size එකට ඔබගේ  pen drive උපරිම දාරිතාවට මදක් අඩුවෙන් ගානක් දමා ok කරන්න ඔබ ඉහත කී දේවල් දැමිය යුත්තේ  mb වලිනි ඊට් පෙර පහත් දේවල් බලන්න


ඔබ කිසිවිටකත් (ඔබගේ පරිගනකය on  එකේදී)Pen drive එක ගැලවීමට නොයන්න මන්ද ඔබගෙ පරිගනකයේ  Vritual Memory 
එකට දැන් ඇත්තේ ඔබගේ  pen drive එක පමනි එසේ කල යුතු වන්නේද ඔබ  partition වලට වෙන්කර ඇති Vritual memory එක හිස් කරා නම් පමනි මෙයත් මතක තියාගන්න ඔබග පෙන් ඩ්‍රයිවු එක ඉතා ඉහල දාරිතාවකින් යුතු එකක්නම් පමනක් මෙය කරන්න .මන්ද ඉතා සුලු ධාරිතාවල ඒවා මේවාට හරියන්නේ නැති නිසාය


  • මෙහි සදහන් කල කිසිදු දෙයක් පිලිබද මා වගකීමක් නොවන බව සලකන්න
  • යන් හෙයකින් ඔබගේ පරිගනකය කැඩුනොත් අප වගකීමක් නොවන බව සලකන්න   
  • Intial Size යනු ‍තෝරාදුන් Divice එකෙන් ලාබාගත යුතු අඩුම ඉඩ ප්‍රමානයයි 
  • Maximum size යනු ‍තෝරාදුන් Divice එකෙන් ලාබාගත යුතු වැඩිම ඉඩ ප්‍රමානයයි

ඔයාලාගේ Trial මුදුකාංගයකින් හැමදාටම වැඩ ගන්න හැටි දන්නවාද?

මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ
ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා.කිසිම අවුලක් නෑ.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.එතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ .අනික මේක නොමිලේ බාගන්න පුලුවන් වැඩිය ලොකු එකක් නෙමේ.මුලින්ම මේක බාගන්න මෙන්න මේ ලින්ක් එකට යන්නකෝ

 http://www.brothersoft.com/time-stopper-135749.html

දැන් ඒක බාගෙන පරිගනකයට ස්තාපනය කරලා එහෙම එන්නකෝ ඉතුරු ටික එතකොට කියන්නම් 


මම මේක කියා දෙන්න ඕනේද කියලාත් දන්නේ නෑ ඒත් කියා දෙන්නම් දැන් ඔයාලා මේක පරිගනකයට ස්තාපනය කරගෙන එහෙම අවසන් වෙලා මෙම මුදුකාංගයට පිවිසීමෙන් ලැබෙන වින්ඩෝව මෙසේ වෙනු ඇති.හරි මෙහෙම වෙන්න ත් පුලුවන් මේකට වඩා වෙනස් වෙන්නත් පුලුවන් ඒ ඔයාලා බගන්න වර්ශන් එක අනුව තමයි තීරනය වෙන්නේ ඒත් මම ලින්ක් එක දාලා තියෙන්නේ මේ වර්ශන් එකටනේ ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැති වෙයි .හරි දැන් කරන්න තියෙන්නේ ඔයාට අර හැමදාටම පාවිච්චි කරන්න ඕනා මුදුකාංගය තේරීමයි ඒ සදහා ඔයා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමින ඇති.ආ මට අමතක වුනානේ තව වැදගතම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක .මෙහිදී ඔයා අර බාගයක් පාවිච්චි කරන්න දෙන මුදුකාංගය ඔබගේ පරිගනකයට ඇතුලත් කර දවසෙන් පස්සේ දවසක් යොදාගන්න. 
හරි එම මුදුකාංගය close .කර දැන් ඔයා අර ඩෙක්ස්ටොප් එකේ හදාගත්ත ශෝට්කට් එකට කිලික් කරන්න එතකොට කිසිම ලෙඩක් නැතිව ඒක වැඩකරනු ඇති.ඒත් මේ ටිකත් මතක තියාගන්න මෙක හරියන්නේ ඔයාගත්ත ඔය ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට්කට් එකට විතරයි.වෙන කොහෙන්වත් ගිහින් ඕපන් කරොත් .එම ඔබගේ කරපු වැඩේ හරි නොයනු ඇත. උදවුවක් ඕනානම් කොමෙන්ට් එකක් දාන්න

Saturday, September 10, 2011



සුබ දවසක් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමා පෝස්ට් එකක් දාන්නේ.දාන්න දෙයක් නැතුව හිටිය නිසා තමයි පෝස්ට් එකක් දාන්න බැරිවුනේ.අද අරගෙන ආවේ සොෆ්ට්වෙයා එකක්.ඇත්තටම මේ සොෆ්ට්වෙයා අහම්බෙන් හම්බවුනේ Facebook එකෙන්.මේකෙ නම තමා  Driver Genius Professional.මේ සොෆ්ට් එක ගැන මට කිව්ව අයට ස්තූති වන්ත වෙනවා.මේක ඕනෙ වෙන්නේ කොම්පියුටරේ ෆෝමැට් කරලා කොම්පියුටරේට ඕනෙ කරන ඩ්‍රයිවර්ස් නැති අයට.
මේක හුගක් වටින සොෆ්ට් එකක් කිව්වොත් හරි.මේකෙන් අපේ කොම්පියුටර්ට ඒනෙ කරන ඩ්‍රයිවර්ස් හොයන්න,ෆෝමැට් කරන්න කලින් අපේ ඩ්‍රයිවර්ස් බැකප් කරන්න වගේ හුගක් වැඩ කරගන්න පුළුවන්.අපි කොම්පියුටරේ ෆෝමැට් කලාට පස්සේ ඩ්‍රයිවර්ස් නැතිනම් කරන්න තියෙන්නේ මේ සො​ෆ්ට් එකෙන් ස්කෑන් පාරක් දාලා Fix Now කියන බටන් එක ක්ලික් කරන්න විතරයි.මේ සොෆ්ට් එක අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඒ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරලා දෙනවා.අපිට තියෙන්නේ ඉන්ස්ටෝල් කරන්න විතරයි. අනික මේකෙ තව විශේෂ දෙයක් තමයි කොම්පියුටරේට ඉන්ස්ටෝල් කරලා තියෙන කැමරා,මොබයිල් ෆෝන්,වෙබ් කැම් වගේ දේවල් වල ඩ්‍රයිවර්ස් බැකප් කරගන්නත් ඒවා අන්තර්ජාලයෙන් හොයලා ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. මේ සොෆ්ට් එක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ.අපි කවද්ද සල්ලි වලට ගත්තේ.පහලින් බාගන්න.ටොරන්ට් එක තමයි තියෙන්නේ.එහෙනම් අදට යනවා.තව දවසක හමුවෙමු.අදහසක් දාලා යන්න,,,සුබ දවසක්


Anti Mosquito Software මදුරැ වදයට විසදුමක්!



මෙන්න මට හමිබ උන තවත් Software එකක්?නමින් Anti Mosquito?මෙ Software එකේ කියලා තියෙන විදිය​ට නමි මේක On කරාම Computer එකේ Speakers වලින් නිකුත් කරන මිනිස් කනට නොඈසෙන නැති අධිසංඛ්‍යාත තරංගයක් තිසා ඒ අව​ට ඉන්න මදුරැවන් ඉවත් වනවා?මමත් පොඩ්ඩක් පාවිචිචි කරලා බැලුවා,අනේ මන්දා මදුරැවන්ගේ අඩුවක් තියෙනවා කියලත් හිතෙනවා,කනාවට උනාද දන්නෙත් නැහැ?ඔයාලත් Download කරගෙන පාවිචිචි කරලා බලලා Comment එකකින් ඒ ගැන කියලා යන්න?


Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරැම බලා ගන්න!


අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මෙක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක?


මෙ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඕනේ නැහැ?දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඕනේ,එතනම සිංහල තේරැම පෙන්නනවා?මෙකෙ හදපු අය කියන විදියට නම් ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?



හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි?

ඉගන ගන්න අය​ට වගේම හැමෝමට හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්?
පාවිචිචි කරලම බලන්න?

වැඩි විස්තර හා බාගත කරගන්න මෙතනට කොටන්න

AUTOMATICALLY SHUTDOWN PC IN WINDOWS


Hi guys...ආයුබෝවන් කියලා පිළිගන්නවා.ඉතින් නිකං ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුවා.ඇත්තටම මම ලියන්න යන්නේ කොහොමද අපි කාල සටහනකට අනුව අපේ පරිගණකය shutdown කරගන්නේ කියලා.අපි හිතමු අපි ලොකු file එකක් හෝ movie එකක් download වෙන්න දැම්මා හැබැයි අව්ලකට තියෙන්නේ ඒක download වෙලා ඉවර වෙන්නේ පාන්දර 1ට විතර කියලා.ඉතින් ඕක download වෙනකල් අපි අහරෙගෙන ඉන්න ගියොත් එපා වෙනවනේ.අපිට පුළුවන් time එකට pc එක shutdown වෙන්න හදාගන්න.මේක ඇත්තටම පරිගණක ගොඩක් තියන office එකකට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන trick එකක්.මොකද අපිට පුළුවන් time එකකට හැමදාම උනත් shutdown වෙන්න හදාගන්න.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා..


01- Start > type " Task Scheduler " > Enter දෙන්න.

02- ලැබෙන window එකේ Action වලට ගොස් Create Basic Task වෙතට යන්න.


03-දැන් ඔයාට ලැබෙන name field එකේ කැමති නමක් ලබාදී Next මත click කරන්න.



04- දැන් ඔයාට තෝරාගන්න එනවා මෙමෙ සේවාව daily, weekly ,monthly, Onetime...මම උදාහරණයක්‌ ලෙස daily තොරගන්නම්.Next 


05- දැන් ඔයාට හැමදාම pc එක shutdow විය යුතු වෙලාව සඳහන් කරන්න.Next දෙන්න.


06- Start a program මතට tic එක දමා Next මත click කරන්න.


07- execute එක browse කරලා Next මත Click කරන්න.
C:\Windows\System32\shutdown.exe



08- Finish මත click කිරීමෙන් වැඩේ ගොඩ.

පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?


පෙන් එකේ තිබ්බ ෆයිල් වයිරසයෙක් ගිල්ලා ද?

කොහොමද යාලුවනේ. අදත් ටිප් එකක් ගෙනාවා.


සමහර වයිරස් වලින් පෙන් එකේ තිබ්බ වයිල් හංගනවා. හැබැයි ප්‍රොපටීස් බැලුවම පෙන් එක පිරිලා. එහෙම උනොත් මෙහෙම කරන්න. වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
කමාන්ඩ් ප්‍රොම්ට් එකට යන්න. ගිහින් ඔයාගෙ ඩ්‍රයිව් එකේ අකුර මේ විදිහට ටයිප් කරන්න. (අපි හිතමු ඔයාගේ පෙන් එක E: කියලා)
E: (press enter)
Dir /aa (press enter)
Dir /ad (press enter)
දැන් අර ෆයිල් ටික ඔයාට පෙනෙයි. දැන් ඒ ටික වින්ඩෝස් වලත් පෙන්නාගන්න මෙහෙම ටයිප් කරන්න.
Attrib-h-s (press enter)
Exit (press enter)

ඔය වරහන් ඇතුලේ කියලා තියෙන්නෙ. එන්ටර් ඔබන්න කියල නේ. ඒක ඔය කමාන්ඩ් ප්‍රොම්ට් එකේ ටයිප් කරන්න එපා. :ඩී
තව එකක්. අලුත් කමාන්ඩ් ප්‍රොම්ට් වල මේ කමාන්ඩ් සමහර විට ටිකක් වෙනස් වෙන්න පුලුවන්. හැබැයි ඔයාලට කමාන්ඩ් ප්‍රොම්ට් හෙල්ප් එක බලලා වැඩේ කරගන්න පුලුවන් වෙයි.