පිටුව

Saturday, December 24, 2011

අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සෙවුම් කිරීම..


යාළුවනේ මම අද කියන්න යන්නේ( අද කියන්න යනවා කිව්වාට කලින් කියලා නෑ. :D:D) ඔයගොල්ලන්ට පහසුවෙන් අත්තර්ජාලය ඔස්සේ සෙව්ම් කරන ආකාරය ගැන පොඩි කෑලි ටිකක්.
ඔයගොල්ලන්ට ඉතින් සර්ච් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
ඔය ඕන උනහම යාහූ හරි ගූගල් වලට හරි ගියා ඕන එක ගැහුවා. ඕන කරන දෙ එනකං බලාගෙන උන්නා. ඕකත් කජ්ජක්ද?
ඒත් යාළුවනේ මතක් කරලා බලන්න ඔයගොල්ලෝ එහෙම හොයනකොට තමන්ට ඕන එක ඉක්මනින්ම තෝරා බේරාගන්න පුළුවන් උනාද? ආන්න ඒකට තමයි මම දැන් වැඩක් කියන්න යන්නේ.
උදාහරනයක් විදිහට ගත්තොත් අපිට බල්ලා ගැන හොයන්න උනොත් Dog කියලා ට්යිප් කලා සර්ච් කලා. පූසා ගැන හොයන්න උනොත් ඒත් එහෙමයි. Cat කියලා ටයිප් කලා සර්ච් කලා.
අපිට බල්ලයි පූසයි දෙන්නාම ගැන හොයන්න උනා කියලා හිතන්න. උන් දෙන්නා ගැන වෙන වෙනම හොයනවාද.?. නෑ නෑ…… Dog+Cat කියලා ටයිප් කලා හෙව්වා. එච්චරයි. මම දැන් කිව්ව විදිහට ඔයගොල්ලන්ට ඕන තරම් වචන ප්‍රමාණයක් ’’ + ’’දාලා සම්බන්ද කරන්න පුළුවන්.
(Cat+Dog+rabbit+butterfly+…..). ඒ වගේම තමයි අපිට තව වචනයක් ඉවත් කරලා සෙවීම කරන්න ඕනෙනම් ‘’- ‘’දාලා අයින් කරන්න පුළුවන්.
(Cat+Dog+rabbit+butterfly-pig)
තවත් එකක්.
අපිට ඔය පල් හෑලි නැතුව අදාල දෙය හෝ පුද්ගලයා ගැන පමනක් නම් ඕන් '' '' කොමා ඇතුලේ ටයිප් කරලා සෙවීම කරන්න එච්චරයි. උදාහරනයක් විදිහට ‘’Obama’’.
දැන් නිකන් හිතන්නකො ඔයාලා හරියටම දෙන්න බැරි වචනයක් ගැන දැනගන්න ඕන කියලා..
තේරෙන්නේ නෑ නේ....:D :D
හරි ඔයාලට marry, marriage, married,marriageable ,... ගැන දැනගන්න ඕන කියලා හිතමු. කසාදේ ගැන හැමදෙයක්ම නේද? අපි marry කියලා ටයිප් කලොත් marriage, married,marriageable, ... වචන අඩංගු ඒවාහොයාගන්න අමාරුයි. මොකද දන්නවද සෙවීම වෙන්නෙ වචනත් එක්ක නිසා. සමහර වෙලාවට ඇතැම් ඒවා හොයනකොට ඔයාලට සර්ච් රිසාල්ට් 0 කියලා ඇවිල්ලත් අති. ඒකට හොදම දේ තමයි ටයිප් කරන වචනය අවසානයට " * " ලකුනක් යෙදීම. ඒ කියන්නේ Marry* කියලා.
එතකොට කසාදයට අදාල ආසන්න වචන තියන වෙබ් ලිපින ඔයාලට හොයා ගන්න පුළුවන්.
ඒ වගෙම ඔයාලට ඕන වචනයක් කරලා බලන්න. ..:D

Thursday, December 15, 2011

ඔන්න  යාලුවනේ..මම අද ඔයගොල්ලන්ට දෙන්න යන්නේ නියමම බඩුවක්. ඔයගොල්ලන්ගේ computer එක format කලහම එහෙම හැමෝටම එන ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ.
ඒ තමයි ඉතින් DRIVERS හොයන එක.
VGA  කියයි, sound card කියයි ඔය හැම එකකම පණ දාගෙන හොයනවා.
හදිස්සියේවත් හම්බවුනේ නැත්නන් ඉතින් ඔක්කොම ඉවරයි.
ඔන්න ඉතින් මම නියම බඩුවක් ගෙනාවා. හරිම ලේසියි. කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය මම පල්ලෙහා දීලා තියෙන ලින්ක් එක උඩින් click කරලා ඔය softwear එක download කරගන්නකෝ.....

දැන් මෙන්න මේ key එක දාලා register කරගන්නකෝ.......
6G2B-ZX86-G46C-489U-SMXM
 දැන් කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඕක install  කරගෙන computer එක scan කරගන්න.
ඊටපස්සේ ඔයාගේ computer එකේ නැති සේරම DRIVERS පෙන්නයි.
දැන් ඉතින් කරන්න තියෙන්නේ next කරන්න විතරයි.
ඔයාට නිකන්ම computer එකේ නැති සේරම DRIVERS download කරලා දෙයි.
ඔයාට තියෙන්නේ එතනින්ම DRIVERS  ටික install කරගන්න විතරයි.


ඔන්න එහෙනම් මම ගියා.

Saturday, December 10, 2011

"Note pad" එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල හංගන හැටි...

සුභ දවසක්! ඉතින් කොහොමද? යාළුවනේ.. 
අපි හැමෝටම, අනිත් අයට නොපෙන්වා හංගල තියාගන්න ඕනෙ තරම් දේවල් තියනව නේද? විශේෂයෙන්ම තමන්ගෙ පරිඝණකය තුළ නම් ගොඩක් දේවල් හංගන්න තියනව නේද?? ඒ මොනවද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. :-)  ඉතින් මේ Files, Folders හංගන්න ගොඩක් දෙනා භාවිතා කරන්නෙ "Folder Lock" වගේ මොකක් හරි Software එකක්. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඔය කිසිම Software එකක් Install නොකර Note pad එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල, ඒක කටවත්ම නොපෙනෙන විදියට හංගන හැටියි. මම මේක කරන විදිය පියවර වශයෙන්ම කියන්නම්. එතකොට කාටත් පැහැදිළියිනෙ..

1. Start -> All programms -> Accesories -> Note pad යන මාර්ගයෙන් Note pad එක open කර ගන්න.


2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු note pad     එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)

cls
:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==maja goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End

3. මේ Code එකේ තියනව if NOT %pass%==maja goto FAIL කියල පේළියක්. ඒකෙ "maja" කියන්නෙ password එක. ඉතින් ඔයාලට පුළුවන් maja කියන එක වෙනුවට ඔයාල කැමති password එකක් දෙන්න.

4. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Locker.bat ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න     තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.


5. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Locker නමින් Icon එකක් තියන බව. ඒක Double click කරන්න. එතකොට කළු පාට පසුබිමක් සහිත window එකක් open වේවි.(ඒකට කියන්නෙ "Command prompt" කියල) ඒත් එක්කම Locker කියන icon ලඟ Locker කියල Folder එකකුත් හැදිල තියනව ඔයාලට පෙනේවි.


6. ඉතින් අන්න ඒ Folder එකට තමන්ට හංගන්න ඕනෙ File එක හෝ කිහිපය ඇතුළත් කරන්න. ඊට පස්සෙ අර කළු පාට පසුබිමක් සහිත window එකට ගිහිල්ල "Are you sure u want to Lock the folder(Y/N)" කියන පේළියට පහළින් Y අකුර type කරල enter ඔබන්න.


7. දැන් ඔයාලට පේනව ඇති අර කලින් Locker කියන නමින් තිබුන Folder එක නැති බව. ඇත්තම කියනවනම් ඒ Folder එක හැංගිලා තියෙන්නෙ. ඉතින් ඒක ආපහු පේන තත්වෙට පත් කරන්නෙ කොහොමද? 


8. කරන්න තියෙන්නෙ Locker කියන Icon එක Double click කරන්න. ඊට පස්සෙ කලින් වගේම කළු පාට window එකක් open වේවි. ඒකෙ password එක ඉල්ලන තැනට  "maja" කියන එක වෙනුවට ඔයාල දුන්න password එක type කරල enter කරන්න.

9. දැන් ඔයලට පෙනේවි අර Locker කියන Folder එක කලින් තිබුන තැනම තියෙන බව. ඒ Folder එක open කලාම ඔයාල හංගපු හැම File එකක්ම ඒ විදියටම තියෙන බවත් ඔයාලට පෙනේවි.


ඉතින් දැන් ඔයාලට පුළුවන් ඕනෙම File එකක් password එකක් දාල Lock කරන්න. හොඳයි නේද? වැඩේ සරලයි. පහසුයි. හරිම Simple plan එකක්. හරියට Airtell වගේ. :-) ඒ වගේම ඉහත සඳහන් Code එක (ක්‍රමලේඛනය)  උපුටා ගත්තෙ විදේශීය වෙබ් අඩවියකින් බවත් කියන්නම ඕනෙ. සමහරවිට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව මම ඔබෙන් සමාව ඉල්ලනව. ඒ වගේම පැය දෙක තුනක් මහන්සි වෙලා  දත්මිටි කාගෙන type කරල ලියපු මේ ලිපිය කියවල, පුළුවන්නම් බැනල හරි කමක් නෑ පුංචි comment එකක් දාල යන්න. ඒක මට ඊ ලඟ ලිපිය ලියන්න ලොකු ශක්තියක් වේවි. ස්තූතියි...

Friday, December 2, 2011

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]



දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.

 ---අපි වැඩේ පටන්ගමු.---

හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :
  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.

මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
  • දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

 උදා :-

 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna

 "*******************"
 ____________________

දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.


මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.


  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.


  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.


  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.

උදා :-

"0712345678"


දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.


මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.

Tuesday, November 29, 2011

Windows 7 Login Screen එකට අපිට කැමති රූපයක් දාගන්න හැටි?

Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්න? හරි, මම කියන විදියට කරොත් වැඩේ වරදින්නේ නම් නැහැ.

  • මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run
  • දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට  Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.
  •  එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.
  • එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න 
  • එහිදී  ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක ලෙස සදහන් වී ඇති අතර, එය  1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.
  • දැන්  ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න.
  • එම  oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න.
  •  දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න.
  • දැන්  ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න.
  • දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.

Thursday, November 24, 2011

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැද්ද?

Facebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්රි ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට පැමිණිලි කරන්න.
උදාහරණ ලෙස..


* ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
*
ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
*
ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,

ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි.

*
ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)

*
නොදන්නා Facebook apps Install කරගන්න එපා.

*
ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.

* Facebook
එකේ තිබෙන Security Option ක්රියාත්මක කරන්න.

*
ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.

*
ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්. තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් Llnk එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.

මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්රි ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්රි ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ........

Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka

Tel - +94 11 269 1692
+94 11 269 1064
+94 11 267 9888

Fax - +94 11 269 1064

E-Mail - slcert@cert.gov.lk
Web Site - http://www.slcert.gov.lk/index.html
Sri Lanka CERT|CC
www.slcert.gov.lk