පිටුව

Saturday, December 24, 2011

අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සෙවුම් කිරීම..


යාළුවනේ මම අද කියන්න යන්නේ( අද කියන්න යනවා කිව්වාට කලින් කියලා නෑ. :D:D) ඔයගොල්ලන්ට පහසුවෙන් අත්තර්ජාලය ඔස්සේ සෙව්ම් කරන ආකාරය ගැන පොඩි කෑලි ටිකක්.
ඔයගොල්ලන්ට ඉතින් සර්ච් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.
ඔය ඕන උනහම යාහූ හරි ගූගල් වලට හරි ගියා ඕන එක ගැහුවා. ඕන කරන දෙ එනකං බලාගෙන උන්නා. ඕකත් කජ්ජක්ද?
ඒත් යාළුවනේ මතක් කරලා බලන්න ඔයගොල්ලෝ එහෙම හොයනකොට තමන්ට ඕන එක ඉක්මනින්ම තෝරා බේරාගන්න පුළුවන් උනාද? ආන්න ඒකට තමයි මම දැන් වැඩක් කියන්න යන්නේ.
උදාහරනයක් විදිහට ගත්තොත් අපිට බල්ලා ගැන හොයන්න උනොත් Dog කියලා ට්යිප් කලා සර්ච් කලා. පූසා ගැන හොයන්න උනොත් ඒත් එහෙමයි. Cat කියලා ටයිප් කලා සර්ච් කලා.
අපිට බල්ලයි පූසයි දෙන්නාම ගැන හොයන්න උනා කියලා හිතන්න. උන් දෙන්නා ගැන වෙන වෙනම හොයනවාද.?. නෑ නෑ…… Dog+Cat කියලා ටයිප් කලා හෙව්වා. එච්චරයි. මම දැන් කිව්ව විදිහට ඔයගොල්ලන්ට ඕන තරම් වචන ප්‍රමාණයක් ’’ + ’’දාලා සම්බන්ද කරන්න පුළුවන්.
(Cat+Dog+rabbit+butterfly+…..). ඒ වගේම තමයි අපිට තව වචනයක් ඉවත් කරලා සෙවීම කරන්න ඕනෙනම් ‘’- ‘’දාලා අයින් කරන්න පුළුවන්.
(Cat+Dog+rabbit+butterfly-pig)
තවත් එකක්.
අපිට ඔය පල් හෑලි නැතුව අදාල දෙය හෝ පුද්ගලයා ගැන පමනක් නම් ඕන් '' '' කොමා ඇතුලේ ටයිප් කරලා සෙවීම කරන්න එච්චරයි. උදාහරනයක් විදිහට ‘’Obama’’.
දැන් නිකන් හිතන්නකො ඔයාලා හරියටම දෙන්න බැරි වචනයක් ගැන දැනගන්න ඕන කියලා..
තේරෙන්නේ නෑ නේ....:D :D
හරි ඔයාලට marry, marriage, married,marriageable ,... ගැන දැනගන්න ඕන කියලා හිතමු. කසාදේ ගැන හැමදෙයක්ම නේද? අපි marry කියලා ටයිප් කලොත් marriage, married,marriageable, ... වචන අඩංගු ඒවාහොයාගන්න අමාරුයි. මොකද දන්නවද සෙවීම වෙන්නෙ වචනත් එක්ක නිසා. සමහර වෙලාවට ඇතැම් ඒවා හොයනකොට ඔයාලට සර්ච් රිසාල්ට් 0 කියලා ඇවිල්ලත් අති. ඒකට හොදම දේ තමයි ටයිප් කරන වචනය අවසානයට " * " ලකුනක් යෙදීම. ඒ කියන්නේ Marry* කියලා.
එතකොට කසාදයට අදාල ආසන්න වචන තියන වෙබ් ලිපින ඔයාලට හොයා ගන්න පුළුවන්.
ඒ වගෙම ඔයාලට ඕන වචනයක් කරලා බලන්න. ..:D

No comments:

Post a Comment