පිටුව

Monday, November 14, 2011

Windows Blue Screen දෝෂය සමනය කිරීම

බොහෝ විට windows භාවිතා කිරීමේ දී BSOD නැතහොත් Blue Screen of Death යන දෝෂය දැක ගැනීමට ඔබටත් හැකියාවක් ලැබී තිබෙන්නට ඇත. බෙහෝ අවස්ථාවල එය දරුණු දෝෂයක් නොවෙන්නට පුළුවන. එසේ නම් අපි දෝෂය හඳුනා ගෙන ඉක්මණින්ම පිළියමක් යොදමු. 






Safe Mode මඟින් පරිගණකය ආරම්භ කරමු...
මුලින්ම පරිගණකය ආරම්භ වන අවස්ථාවේ windows logo එකට පෙර F8 key එක එබීම මගින් Advanced Boot Option විවෘත කෙට ගෙන එමඟින් Safe Mode යන්න තෝරා ගන්න. ඉන් පසු තිරය දෙස හොඳින් බලා සිටින්න. එවිට යම් driver file එකක් load වීමට වැඩි කාලයක් ගත කරන්නේ නම් එම driver file එක අන්තර්ජාලයෙන් සෙයා එය ප්‍රතිස්ථාපනය කිරීම මගින් දෝෂය ඉවත් කරගත හැකිය.


මෙසේ driver file එකක දෝෂ නැති නම් safe mode මඟින් පරිගණකය ආරම්භ වේ. නමුත් BOSD සඳහා පරිගණකයේ දෘඩ කොටසක දෝෂ සහිත වීම ද, බලපායි. එසේ නම් පරිගණකයට ඈදා ඇති දෘඩ කෙටස් Device Manager මඟින් ඉවත් කර නැවත පරිගණකය ආරම්භ කර බලන්න. එහි දී දෝෂය සමනය උවහොත් එම දෝෂ සහිත දෘඩ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.   


spyware, adware, virus, registry scan කිරීම...
ඉහත කී  spyware, adware, virus, registry දොෂ හා virus නිසා පාළක පද්ධතියේ ඇති file හි වෙනස්කම් ඇති වීමෙන් ද, BSOD දෝෂය ඇති වේ. එවිට මෘදුකාංග ආධාරයෙන් spyware, adware, virus, registry scan කිරීමෙන් දෝෂ හඳුනා ගත හැකිය. 


අවසානයේ තිබුණු තත්වය මත පරිගණකය ආරම්භ කිරීම...


පළමු ක්‍රමයේ මෙන්ම F8 යොදා Advanced Boot Option වෙත ගොස් එහි Last known good configuration යන්න තෝරන්න. එවිට බොහෝ අවස්ථාවල දී දෝෂයන් මඟ හැරී යයි.






එසේත් නැති නම් පරිගණකය restart කර  Advanced Boot Option හී ම ඇති Enable boot logging යන කොටස තේරීම මඟින් windows boot වීමේ දී ඇති සියලුම file පිළිබඳ තොරතුරු ඇතුළත් ntbtlog.txt ලෙස widows folder එක තුළ සෙකැ එකක් නිර්මාණය වේ. පසුව එය කියවා බැලීමෙන් දෝෂය ඇත්තේ කුමන කෙටසේ දැයි තීරණය කරගත හැකි ය.  


System Restore...
අවසාන වශයෙන්, පෙර දිනයක් හා අවශ්‍ය ස්ථානයක් තෝරා ගෙන System Restore කර ගත හැකිය. නැතහොත් installation CD එකක් ආධාරයෙන් ද, System Restore කර BSOD දෝෂය ඉවත් කර ගත හැකි ය. 

No comments:

Post a Comment